වැව - දේශීය කෘෂි සංස්කෘතියේ හදවත ඊශාන දිග මෝසම වෙනදා තරම් සක්‍රීය වී නැත . එහෙත් කඩින් කඩ වැටෙන වැසි වැසි සමය පැමිණි වග මතක් කර දෙයි. යම්තමින් වැසි දෙක තුනක් වැටුනු පසු වියලි කලාපයේ ජල මට්ටම ඉහල යනවිට මත්ස්‍ය අස්වැන්නදප වැඩිවේ. මේ දිනවල වැව්ද , කුඹුරුද මහා මාර්ගද ජලයෙන් පිරී ගොසිනි . කඩින් කඩ ජලයෙන් වැසුන අම්පාර කල්මුන මහාමාර්ගයේ අම්පාර දෙසට එමින් සිටියෙමි . වලතාපිටිය වැවට පහලින් වෙල්යායට මායිම්ව පාර අයිනේ වැව් මාලු අලෙවි කරන පාසල් වියේ දරුවන් මේ දිනවල සුලභ දසුනක්ය . ලූලෙකු මිලට ගැනීමේ අදහසින් නැවතුන මා ඔවුන්ගෙන් මාලු පිලිබඳව විමිසීමි . “ මොනවද මල්ලි තියෙන මාලු ?” “ මේ තියෙන්නේ සර් කොරලි , අර ගං කොරලි , මේ ලූලො හතර නෙකේ ඉන්නෙ ,” “ අර එහා පැත්තෙ තියෙන්නෙ ?” “ ඒ ආඳො , තව හුංගො , මගුරො ත් ඉන්නවා . මොනවද ඕනි ,?” දම්ල ජාතිකයින් වුවද හොඳින් තේරුම් ගත හැකි කැඩුන සිංහලෙන් ඔවුන් වෙළඳාමේ යෙදෙයි . “ ලූලෙක් කීයද ? ” “ එකෙක් තුන්සීයයි . දෙන්නෙක් අරන් පන්සියක් දෙන්න ” “ වැඩියිනෙ ගණන් ?” “ වැඩි නෑ මහත්තයා . එකෙක් කිලෝ දෙකක් විතර තියෙනවා . හොඳට ලේ හැදෙන කෑමනෙ...
Posts
Showing posts from May, 2020